http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Monday, June 9, 2014

100% නොමිලේ ඔබේම රෑපවාහිණී නාලිකාවක්

Posted at  3:07 AM  |  in  Tricks

ඔන්න ඉතින් පණදාගෙන කරපු O/L ඉවර කරල පණ දාගෙන කම්පිටර් ගේම් ප්ලේ කර කර හිටිය වෙලාවෙ ශෂී චතූගෙ ගෙදරට ආවනෙ යාලුවො සෙට් එකක්..එන්න ඉතින් ගේම් ගහන එක නම් නැවතුනා. දැන් වට මේස සාකච්චාවක්..එක එක්කෙනා අදහස් දක්වනවා..මචන් ශෂී චතූ නැද්ද බන් අපිට අපේ අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක්...මොකටද බන් එහෙම ක්‍රමයක් උඹට ඡන්දෙ වත් ඉල්ලන්නද හදන්නෙ කියල මම ඇහුවෙ ලේසියෙන් කතාව අල්ලල දාල ගහ ගහ හිටපු ගේම් එක ගන්න...වැඩේ හරි ගියේ නෑ මිනිහ කියනවා දැන් අපිට ප්‍රසිද්ද වෙන්න මුහුනුපොතේ පිටුවක් හැදුව කියල වැඩක් නෑ නේ..මොකක් හරි අලුත් වැඩක් කරන්න වෙනවා ...එක නිසා බැරිද අපිට ටීවී චැනල් එකක් වගේ එකක් හදා ගන්න...හැබැයි සල්ලි නම් වියදම් කරන්නත් අපිට නෑනේ බන්...හොයල දියන්කො විසදුමක්.....


හැබැයි ප්‍රශ්නෙ අයිතිකාරය ඒ ප්‍රශ්නෙ ඉදිරිපත් කළේ ශෂී චතූට අභියෝගාත්මක ස්වරයෙන්...එවලෙම ඒ වැඩෙත් ඕකේ...මොකද ඒ වෙනකොටත් ශෂී චතූ ඒ ක්‍රමය ගැන දැනගෙන හිටියෙ...ඔන්න ඔයාලත් බලන්නකො මේ පුංචිම පුංචි සරල විදියට ටීවී චැනලයක් හදා ගන්න විදිය....

මුලින්ම මෙන්න මේ පහල ලින්කුවෙ දීල තියන අඩවියට පිවිසෙන්නකෝ .....

ඇරඹීම මෙහි ඔබන්න

එවිට ඔබට මෙවැනි තිරයක් ඔබට දිස්වේවි......

ඉන් පසුව එහි ඇති take the tour යන්න මත ක්ලික් කරන්න...එවිට පහත පරිදි තිරයක් දිස් වේ...


දැන් try it free යන්න මත ක්ලික් කරන්න...එවිට නැවතත් පහත පිරිදි කොටසක් විවෘත වන අතර එය නිවැරධිව පුරවා ගන්න...


මෙම කොටස නිවාරදිව පුරවා අවසානයේ කොන්දේසි වලට යටත් වීමේ ලකුණ ලබා දී sign up යන්න ලබා දෙන්න..එවිට ඔබට හිමි රෑපවාහිනී නාලිකාවේ ලියාපදිංචිය සිලු වන අතර ඔබේ අන්තර්ජාල රෑපාවාහීනී ගිණුම විවෘත වේ .

pic a title for your channel යන්න සදහා ඔබ ඔබේ නාලිකාව සදහා භාවිතා කිරීමට බලාපොරොත්තුවන නාමය ලබා දෙන්න.

category යන්න තුළින් ඔබේ නාලිකාව තුලින් විකාශය වන්නේ කුමන තේමාවක් යටතේ දැයි තෝරා දෙන්න.

description යන්න මගින් නාලිකාව ගැන කෙටි විස්තරයක් ලබා දෙන්න...අවසානයේ next යන්න ලබා දෙන්න.එවිට මෙවැනි තිරයක් දක්නට ලැබේ....


දැන් ඔබ start broadcasting යන්න තෝරා දෙන්න............එවිට පහත අවසාන තිරය විවෘත වේ දැන් ඔබේ නාලිකාව විකාශන කටයුතු සදහා සූදානම්ව ඇත...



දැන් පරිගනකයේ වෙබ් කැමරාව තුලින් ඔබට වීඩියෝ ඇතුලත් කල හැකිය..ඊට අමතරව මෙනු මගින් ඔබට අවශ්‍ය වීඩියෝ upload කර දාවනය කිරීම උවද සිදු කළ හැක...තවද ඔබගේ මුහුණුපොතේ ගිණුම, යූ ටියුබයේ ගිණුම මෙයට සම්බන්ද කර එහි ඇති වීඩියෝද විකාශය කළ හැක.....

මෙහිදීද start broadcast යන්න ලබා දීම තුලින් විකාශය වීම් ආරම්බ වේ....

YOUR URL මගින් ඔබගේ නාලිකාවේ කේතය පෙන්වා දෙයි...එය web address bar මත සටහන් කිරීම මගින් ඔබට ඔබගේ නාලිකාව නැරඹිය හැක...

ඔබ විකාශය කිරීම් සිදු කිරී‍මේදී අන් අයගේ බුද්ධිමය දේපළ සහ අසභ්‍ය දසුන් විකාශය නොකළ යුතු අතර එවැනි දේ විකාශය කිරීම තුළින් නීති මය ගැටලු වලට මුහුණ දීමට ඔබට සිදුවේ............


ඔන්න මෙවැනි අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුළ තිබෙනවා...කව්රැ කොහොම කොපි කලත් මුල්ම ඉදිරිපත් කිරීම හැමදාද අලුත් දේ කරන ශෂී චතූ ගෙන හොදේ.....


හොදයි කියල හිතෙන අය ඉන්නවා නම් කොමන්ටුවක් දාලම යන්නකෝ....



Share this post

3 comments:

  1. ෆට්ට මචෝ, ගීක් එකේ දැකල ආවෙ. මට නම් දැනට මේකෙ උවමනාවක් නෑ ඒත් කවද හරි ඕන උනොත් මෙතනට එන්න දැන් දන්නවනෙ. තමන් දන්න දෙයක් අනික් අයටත් කියාදෙන එක හොද වැඩක් බං.

    ReplyDelete
  2. පුංචි සංධියේ හිටං වින්ඩෝස්.. ලිනක්ස්.. එක්කම හැප්පුණා මිස තුන්හිතකවත් රූප චිත්තර පෙන්වන නාලිකාවක හිමිකාරයෙක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණෙම නැද්දෝ කොහෙද..
    …අනේ මන්දා දැං නිකමට වගේ වෙන්නත් හිතෙනවා...

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top