http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Saturday, August 31, 2013

ඔයාගෙම කියල social media network එකක් හදමුද ?

Posted at  9:03 PM  |  in  Tricks

මොකක්ද ගෑනියෙක් ගෙනාව වගේ දවස තිස්සෙම කාමරේ ඇතුළට වෙළා කරන්නෙ? ඩිංගක් අව්වක් හුළගක් වදින්න වත් එළියට බහිනවකො.....උඹට ඔය ෆේස්බුක් යන එකෙන් මොකද්ද ලැබුනේ..ඔය හැමදාම අහන බණ කතාව..බලාන ගියාම ඒකත් ඇත්ත තමයි....ඒත් ඉතින් ගෙදරට වෙලා මොනවා කරන්නද.....ඔන්න ඔය වෙලාවෙ ගෙදරට ආව යාලුවෙක් ...දොර ලගට වෙලා ශෂී චතූ බැනුම් අහනවා අහගෙන ඉදලමයි ඇවිල්ල තියෙන්නෙ...ඒ වෙලාවෙ නම් හිතුනෙ මොන කරදරයක්ද කියල...ඒත් ඌ අරගෙන ඇවිල්ල අත්තරං අදහසක්...යකෝ හැමදාම ෆේස්බුක් යනවා කියල බැනුම් අහන්නෙ නැතුව චැට් ගෘප් එකක් හදන්න ට්‍රයි කරපන්කො උඹේම කියල....ඒක ගැන හිත යොමු උනා....හොයල බලලා පොඩි ක්‍රමයක් හොයා ගත්තා...


සිංහල බ්ලොගි නම් දැන් වැහි වැහැලනේ...දහස් ගණනක් තියනවා...හැම එකකම හරයක් තියනවද කියන එක නම් ගැටලුවක්....ඔන්න යාලුවනේ මම අද අලුත්ම දෙයක් අරගෙන ආව කියල මොකක් හරි පොඩි මෘදුකාංග කෑල්ලක් ගැන කියන එක තමයි අද බොහොමයක් බ්ලොග් අඩවි වල තියෙන්නෙ...හැමදාම කව්රැවක් නොකරපු දෙයක් කරන්න හිතන ශෂී චතූ හිතුවා social media network එකක් හදන විදිය පළමු වරට සිංහල බ්ලොග් අඩවියකට ගේන්න.....ඔන්න ඔයාලම බලන්නකො කොච්චර සරලව ඒ වැඩේ කරන්න පුලුවන්ද කියල.........



 www.groupsite.com  මුලින්ම මෙන්න මේ අඩවියට  පිවිසිලා Try Now යන්න ලබා දෙන්නකෝ...එවිට එන කොටසේ කැමති පැකේජයකින් sign up යන්න ලබා දෙන්න....පහත පරිදි තිරයක් දිස් වේවි....



මෙන්න මේ කොටස් ටික පුරව ගන්නකො දැන්...create a name කියන තැනට  ඔබ ඔබේ social media network එකට ලබා දෙන්නකෝ...create an address යන්නට ඔබේ social media network එකෙහි වෙබ් ලිපිනය සදහන් විය යුතු ආකාරය ලබා දීලා අනෙකුත් කොටස් කිහිපය ඊහිස් ආදාරයෙන් ඔබට ගැලපෙන පරිදි තෝරා දී Next යන්න ලබා දෙන්න.....



දැන් ඔබට ඉහත පරිදි තිරයක් ලැබේවි ...එය නිසි පරිදි පුරවා මීලග පියවරට ලබා දුන් විට ඔබගේ social media network එක නිර්මාණය වී අවසන් වේවි.......ඔබේ web address bar එකේ ඔබේ social media network එකේ ලිපිනය ලබා දීලා එයට ලොග් වෙන්න පුලුවන්....

මුහුණු පොතේ වගේම අලුතින් සමාජිකයන්ට ලියාපදිංචි වීම ඇතුලු ගොඩක් දේවල් කරන්න පුලුවන්...

මුහුනු පොතත් මුලදි පොඩියට පටන් අරන් තමයි දැන් තියන තත්වයට ඩිවලොප් උනේ.........

මෙම  සේවාව ලබා ගන්න පුලුවන් තවත් වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් තියනවා....මම එයිනුත් ටිකක් දෙන්නම්...ඔයාල කැමති එකක් තෝර ගන්නකෝ.............

www.wackwall.com
www.crowdvine.com
www.onesite.com
www.tickapps.com
www.chatwing.com
www.tinychat.com

ඔන්න ඔය තියන ඕනම වෙබ් අඩවියක් හරහා ඔබට ඔබේ  social media network එක හදා ගන්න පුලුවන්.....

හැමදාම අලුත් දෙයක් කරන ශෂී චතූ ගෙන්  තමයි මුල්ම ඉදිරිපත් කිරීම....කව්රැ කොහොම කොපි කරල ඉදිරිපත් කරත් මුල් වරට ඉදිරිපත් කිරීමේ අහිංසක සතුට අපිට හොදේ...........

හොදයි කියල හිතෙන අය ඉන්නවා නම් කොමන්ටුවක් දාලම යන්නකෝ...........

Share this post

2 comments:

  1. oxwall is the best but database eka godaak lokui ox wall eka athule hangouts pawa thiyenawa http://sociallanka.x10.mx/

    ReplyDelete
  2. blog එක හොඳයි මචන් අලුත් දේවල් තියනවා .එල දිගටම කරගන පලයන් මචන් සුබ පතනවා

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top