http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Wednesday, August 21, 2013

අලුත් විදියට email එකක් හදමු

Posted at  11:53 PM  |  in  Tricks



ඔන්න අලේ ස්කූල් එකේ  10 වසරට අලුතෙන් ඇවිල්ල ලස්සන ගෑනු ළමයෙක්. කොල්ලො කස්ටියම වහ වැටිල. ඔන්න මම නම් නෑ හොදේ.. මම උපාසකය නේ... ඒ දවස් වල මම 11 වසරෙ තමා හිටියෙ.. ඒ කාලෙ ස්කූල් එකේ කොම්පියුටරේ පැත්තෙන් මට ටිකක් තැනක් තිබුන.  දවසක් මේ කියන ගෑනු ළමය අපේ පන්තිය ළගට ආව. ඇවිල්ලා මට කතා කළා. මමත් ඉතින් ගියේ වීරය වගේ . ඊට පස්සෙ එයා කියනවා අයියෙ මට ඔයාගෙන් උදව්වක් ඕන කියලා. මමත් කිව්වා ඕක සුලු දෙයක්නෙ ඕන උදව්වක් දෙන්නම් කියලා. එයා ඉල්ලුව උදව්ව මොකක්ද දන්නවද? මට වැඩේට හිනත් ගියා. පස්සෙ තමා ඇඩුනෙ.අයියේ මට ඊමේල් එකක් හදල ඕන කිව්වා. ඒකත් වැඩක්ද කියල හිතල මම වැඩේ බාර ගත්තා. එහෙනම් මෙකෙ තියන විදියට හදන්නකො කියල එයා පොඩි චිට් කෑල්ලක් දීල මම යනවා කියල දුවල ගියා... ඒ චිට් එකේ කොන්දේසි බැලුවම තමා ඇඩුනෙ...බලන්නකො ඒ ටික


  • මගේ නම "@" මාර්ක් එකට කළින් තියෙන්න ඕන.
  • හැබැයි  "@" මාර්ක් එකට පස්සේ gmail.com , ymail.com , rocketmail.com , hotmail.com , yahoo.com කියල වගේ පරණ විදියට තියෙන්න බෑ හැමෝටම  නැති අලුත් විදියකට තියෙන්න ඕන.
ඔන්න ඔය දෙවනි කොන්දේසිය ඇහුවම තමා ඇඩුනෙ. මොනවා කරන්නද දැන් වැඩේ බාර අරන් ඉවරයි නේ. සල්ලි දීල හදල දෙන්නයැ. බාර ගත්ත නිසා කරන්නත් එපැයි. හැබැයි කල්පනා කර කර ඉද්දි විසදුමක් හම්බ උනා . බලන්නකො දැන් එහෙනම් ඒක....

මුලින්න මේ අඩවියට යන්නකො.... අඩවියට පිවිසීමට මෙහි ඔබන්න    දෙවනුව ඔබට අවශ්‍ය ඊමේල් ලිපිනය නිර්මාණය කොට ගැනීම සදහා Get your free email account  යන්න ලබා දෙන්න.  දැන් එන form එක fill කරන්න මොන්ටිසෝරි බබාලත් දන්නවා නේ. දැන් ඔන්න වැඩේ

සාමාජිකත්ව form එක fill කර ගෙන යද්දි තියනවනේ Desired Email Address කියල එකක් . ඒකෙ යට තියෙනව පේනව ඇති mail.com කියල එකක් එතනම ඇති පොඩි ඊ හිසක්. අන්න ඒක් click කරල ඔබට ගැලපෙන විදියට ඔබේ ඊමේල් ලිපිනයේ අවසාන ඩොමේනය හදා ගන්න පුලුවන් . මෙය ඔබේ රැකියාවට , විනෝදාශයට , ජාතියට , ආගමට අනුව නිර්මාණය කර ගන්න පුලුවන්.

අපි බලමුකො පොඩි උදාහරණයක්---  හිතන්න මම වෛද්‍ය වරයෙක් කියල ..එතකොට මට පුලුවන් මට ගැලපෙන විදියට මගේ ඊමේල් ලිපිනය shashiwithchathublog@doctor.com වැනි ආකාරයට සකසා ගන්න පුලුවන්.......
ඔන්න එහෙනම් ඒ කෙල්ලගෙ වැඩෙක් හරි. දැන් ඒ කෙල්ලගෙ කොම්පියුටර් ලෝකෙ වීරයා  shashi chathu තමයි.


ඔන්න බ්ලොග් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේවැනි ලිපියන් shashiwithchathu.blogspot.com තුළින් රැගෙන ආවේ. අනිත් අයක් කොපි කරල වෙනස් විදියටකට ඉදිරිපත් කරයි. හැබැයි මුල්ම ගෞරවය shashi chathu ට

වැඩේ හොදයි කියල හිතෙනවා වම් කොමන්ටුවක් දාලම යන්නකො.....

Share this post

1 comment:

  1. එල මචන් මාත් එකක් හදාගත්ත පොර සේ :D

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top