http://www.123-banner.com/bannertmp/123-banner_com_2450125.swf

Friday, August 9, 2013

Google adsense මගින් මුදල් උපයා ගැනීම

Posted at  3:00 AM  |  in  E money




මොකක්ද මේ ගූගල් ඇඩ්සෙන්ස් කියන්නේ?

google adsense යනු අන්තර් ජාලය තුළ පවතින විශාලතම වෙළද ප්‍රචාරණ ක්‍රමය වන අතර මීට google සමාගම විසින් හිමිකම් කියන අතර මෙමගින් ඉතා විශාල වශයෙන් මුදල් උපයන පුද්ගලයන් සිටී.

ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය සුදුසුකම්

  • ඉල්ලුම්කරැ සතුව අනිවාර්යෙන්ම gmail ගිණුමක් තිබිය යුතුය.
  • ඉල්ලුම්කරැ සතුව අනිවාර්යෙන්ම වෙබ් අඩවියක් පැවතිය යුතුය. ( අඩවියට ඩොමේන් නේම්ස් යොදා ඇත්නම් බෙහෙවින් වාසි දායක වේ.)
  • ගුගල් ඇඩ්සෙන්ස් ඉල්ලුම් පත්රයට ව්‍යාජ තොරතුරැ ලබා නොදිය යුතුය.( චෙක් පත් ලබා ගැනීමේදී එම ලබා දුන් ලිපින වලට ඒවා ලැබෙන බැවින්.)  
ගූගල් ඇඩ්සෙන්ස් සදහා අයදුම් කරන අඩවියක් සතු විය යුතු ගුණාංග

  • සම්පූර්ණ වැඩ නිම කරන ලද අඩවියක් ඉදිරිපත් කළ යුතුය.
  • අඩවිය තුළ alcohol , haking , terrorist , phonography  , sex ගැන සදහන් නොවිය යුතුය.
  • crowl කිරීම පහසු වන පරිදි  flash, jquery , ajax අඩුවෙන් අඩංගු විය යුතුය.
  • අඩවිය තුළ සියලු ලින්ක් හරියාකාරව ක්‍රියාත්මක විය යුතුය.
  • අඩවිය තුළ ඇති සියලුම දේ උපුටා නොගත් දේවල් විය යුතුය.
ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් පවත්වාගෙන යාමෙදී සැළකිළිමත් විය යුතු කරැණූ

  • ගූගල් ඇඩ්සෙන්ස් නිර්මාණය කොට තිබෙන්නේ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි මාද්‍ය පාදක කොටගෙන බැවින් unicord ඇතුලත් කිරීම මගින් ඇඩ්සෙන්ස් සාමාජික බාවය අහෝසි විය හැක.
  • අඩවියේ හිමි කරැගේ අයි පී ලිපිනය තුළින් ඇතුලත්ව වෙළද දැන්වීමක ලින්කුවක් මතට පිවිසීමේදීද සමාජික බාවය අහොසි වේ.
  • අඩවිය යුළට වෛරස් හා මේල් වෙයාර් ඇතුළත් කිරීම තුලිනද සාමාජික බාවය අහෝසි විය හැක.
ගූගල් ඇඩ්සෙන්ස් හිමි වූ අඩවියක හිමි කරැ සතු අයිතීන්

  • තමාගේ අඩවියේ තමන් කැමති ස්ථානයක වෙළද දැන්වීම ස්ථාන ගත කළ හැක.
  • තමාගේ අඩවියට ගැළපෙන ප්‍රමාණයට දැන්වීම සකස් කළ හැක.
  • තමාගේ අඩවියට ගැලපෙන අයුරින් වෙළද දැන්වීම් වර්ණ ගැන්විය හැක.
ගූගල් ඇඩ්සෙන්ස් ගිණුමක් නිර්මාණය කොට ගැනීම සදහා වෙඩ් අඩවියක් සැකසීම

   මේ  සදහා www.blogsport.com , www.weebly.com  ,  www.wordpress.comwww.wix.com යන වෙඩ් අඩවි වලට පිවිස නොමිලේම තමාට පුද්ගලික වෙඩ් අඩවියක් සාදා ගත හැක. මේ සදහා මූලික සුදුසු කමක් වශයෙන් ඔබ සතුව ජීමේල් ගිණුමක් පැවතිය යුතුය.

ගූගල් ඇඩ්සෙන්ස් සදහා blogger අඩවියක් නොමිලේ නිර්මාණය කර ගැනීම.

  1. www.blogger.com යන්න ලබා දෙන්න
  2. Create a blog box යන්න මත දෙවනුව ක්ලික් කරන්න.
  3. ඔබගේ email , password ලබා දී ලියාපදිංචි වන්න.(අදාල පෝරමය පුරවා අවසානයේ Continue යන්න ලබා දෙන්න.
  4. පසුව විවෘත වන ගොනුවේ blog title සදහා අඩවියේ මාතෘකාව සහ blog address සදහා ඔබට ඔබේ අඩවියට ලබා දිය යුතු වෙඩ් ලිපිනය ලබා දී continue යන්න ලබා දෙන්න.
  5. පසුව Choose template හරහා අඩවියට අවශ්‍ය පසු තලය තෝරා දී Continue යන්න ලබා දෙන්න.
  6. අවසන් වරට start blogging ලබා දුන් පසු ඔබේ අඩවිය නිර්මාණය වී අවසන් වේ.
blogger අඩවියක් නිර්මාණය කිරීමෙන් පසු ඇඩ්සෙන්ස් ඉල්ලුම් පත යොමු කිරීමට පෙර

  • blogger work sheet මගින් ඔබට අවශ්‍ය සියලුම තොරතුරැ , රෑප , වීඩියෝ ඇතුලත් කර publish post box එක මත click කිරීම තුළින් ඔබ එක් කරන ලද සියලු තොරතුරැ ඔබේ අඩවියට එක්වේ.
  • ඔබේ අඩවියේ වෛරස හා මේල් වෙයාර් තීබීම මගින් ඇඩ්සෙන්ස් ඉල්ලුම්පත ප්‍රතික්ෂේප විය හැකි බැවින් ඇඩ්සෙන්ස් ඉල්ලුම්පත යොමු කිරීමට පෙර ඒ ගැන සැක හැර දැනගැනීම සදහා Google web master tool මගින් පරික්ෂාකර බලන්න.
Google adsense සදහා ලියාපදිංචි වීම
පළමුව Account tipe එක ලබා දෙන්න.පසුව ඔබේ නම සම්පූර්ණව ලබා දී මුදල් (චෙක්පත්) එවීම සදහා හරියාකාරව ලිපිනය ලබා දෙන්න.පසුව submit information යන්න ලබා දෙන්න. එවිට ඔබේ ගූගල් ඇඩ්සෙන්ස් ගිණුම  approvel වීම සදහා දින දෙක තුනක් හෝ කිහිපයක් ගතවේ.එම ගිණුම approvel වූ වහාම අපට ඊමේල් පණිවිඩයක් මගින් ඒ බව දැනුම් දේ.

Advertisement ලබා ගැනීම

ඔබේ අලවියට වෙළද දැන්වීම් ලබා ගැනීම සදහා ඔබ මුලින්ම layout හරහා page element පිටුව වෙත පිවිසෙන්න. ඉන් පසු  Add a gadgets යන්න මත click  කර Adsense මත click කරන්න.පසුව ඔබට හා ඔබේ එඩවියට ගැලපෙන පරිදි Advertisement format තෝරා save box මත click  කරන්න. එවිට ඔබේ අඩවියට ඔබ තෝරා දුන් මාදිලියේ වෙළද දැන්වීම් ඇතුළත් වේවි. එම ඇතුළත් වූ වෙළද දැන්වීමක් ඔබේ අඩවියට පැමිණි පුද්ගලයකු නැරඹුව හොක් ඉබේම ඔබේ අඩවියට මුදල් එක්වේ.

ඔන්න ඇඩ්සෙන්ස් ගැන කියන්න පුලුවන් කෙටිම විදියෙන් කිව්වා. සංකීර්ණව හිතන්න දෙයක් නෑ හරිම ලේසියි. හොදයි කියල හිතෙන අය ඉන්නව නම් කොම්මන්ට් එක්ක දාලම යන්න...........

Share this post

1 comment:

  1. මගෙත් මේ සම්බන්දව පොඩි උනන්දුවක් තියනවා.
    tricksandtip4u.blogspot.com

    ReplyDelete

About-Privacy Policy-Contact us
Copyright © 2013 hIt 3 sTaRs bLoG. Distributed By Blogger Themes | Blogger Template by Bloggertheme9
Proudly Powered by Blogger.
back to top