වෙළාව රෑ 10 ත් පහු වෙලා...කකුල් දෙකත් උඩ තියාගෙන විත්රපටියක් බල බල හිටියෙ ගෙදර අම්මල තාත්තල කව්රැත් නැති නිසා. 2012 O/L වලට පාඩම් කරන කාළෙ නේ අම්මල ගෙදර ඉන්නවනම් ඉතින් මේ කොම්පියුටරේ අල්ලන්න වත් දෙන්නේ නෑ නේ.. විත්ර පටියෙ හොදම හරිය....අයියේ අයියේ ගානව ඇහුන...ගනන් ගත්තෙ නෑ චිත්ර පටියෙ කියලනෙ හිතුවෙ....පස්සෙ මතක් උනේ හින්දි චිත්ර පටයේ සිංහලෙන් කතා කරන්නෙ නෑ කියල...ඉක්මනට ගිහින් දොර ඇරියා....ගෙවල් කිට්ටුව කෙල්ලෙක් ඇවිල්ල....තනියම නෙවෙයි තාත්ත එක්ක...ඒකි මේ රෑ මැද ප්රශ්නයක් අරගෙන ඇවිල්ලා....
මෙන්න කෙල්ල කියනවා අයියේ මට මගේ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ඕන ...අයියො ඕක සුලු දෙයක්නේ දෙන්න වැඩේ විනාඩියෙන් කරල දෙන්නම් ...ඒකි කියනවා අයියො ඒක මගෙ හොස්ටල් එකේ...හා කමක් නෑ මම කියන මෘදුකාංගය බාගත කරගන්නකෝ ..ඒකෙන් පුලුවන් අන්ලොක් කරන්න....මෙන්න කෙල්ලා ආයෙ කියපි ..
අයියො අයියේ අපේ හොස්ටල් එකේ පබ්ලික් කම්පියුටර් වලට මෘදුකාංග දාන්න දෙන්නෙ නෑ... අයියා වෙන ක්රමයක් තියනව නම් කිව්වොත් මට ඩොන්ගලේ අන්ලොක් කරගෙන මගෙ ටැබ් එකට ගහල ඉඩ තියන වෙලාවට මුහුණු පොතට එන්න පුලුවන් වෙයි...මම හෙට උදේ හොස්ටල් එකට යන්න යනවා..ඒකයි මේ රෑ මැදම ආවෙ....කරදරයක් නැත්නම් හිතල කියන්නකො මේක කරගන්න විදියක් ලොකු උදව්වක් අයියේ....
ඔන්න කෙල්ල කියපු ඒ කතාවට නම් ඒකි පව් කියලත හිතුණා...කෙල්ල මුහුණු පොතට එන්න මේ තරම් දග දාන්නෙ කොල්ලෙක් වත් මේකෙ නැතෑ......ආසාවෙන් රිදී තිරය නරඹන එකත් නවත්ල හිතන්න ගත්තා....ටික වෙලාවක් හොයල මෙන්න මේ කොඩ් එක ලියල දුන්න නංගි මේ පිලිවෙලට කරන්නකො කියල.......
නංගි ඔයාගෙ ඩොන්ගල් එකේ පිටිපස්සෙ හරි ඩොන්ගල් එකේ පෙට්ටියෙ හරි තියනවා IMEI කියල අංකයක් ඔයා ඒක හොයා ගන්නකො
ඊට පස්සෙ මෙන්න මේ කොර්ඩ් එක මයාගෙ address bar එකේ ටයිප් කරන්න මේ විදියට
http://www.bb5.at/huawei.php?imei=මෙතනට ඔබේ imei අංකය දාලා enter කරන්නකෝ...එතකොට ඔයාගෙ අන්ලොක් කෝඩ් එක open වෙයි...
දැන් ඔයා දෙහෙම හිතන්නකෝ ඔයා කළින් භාවිතා කළේ ලොක් මොබිටෙල් ඩොන්ගලයක් කියල.. දැන් ඔයා එහෙම නම් වෙනත් ජාලයක සිම් පතක් දාලා අන්තර්ජාලයට සම්බන්ද කරන්න උත්සහ ගන්නකො..ඊට පස්සෙ මැසේජ් එකක් එයි මෙම දුරකථන ජාලය භාවිතා කරන්න බෑ කියල...ඊට පස්සෙ අන්ලොක් කරන්න නම් අන්ලොක් කොර්ඩ් එක ඉල්ලයි....දැන් ඔයා අර කලින් හොයා ගනිපු කොර්ඩ් එක දෙන්නකෝ වැඩේ හරි යයි.....
කොහොමද වැඩේ.... හොදයි නම් කොමන්ටුවක් දාලම යන්නකෝ......
උපුටා ගැනීමකි ( blog අඩවියකින් නොව)
Me Wade Sirawatama Wada nam Niyamai Kollo !! :D
ReplyDelete